සඳෙහි චාම් බවෙන් රුව සරසන්නට
August 2012

අලංකාර රිදී පෙන්ඩන්ට් එකක් සහ එයටම ගැළපෙන කරාබු

මහ පොළවේ ගැඹුරු පතුළක සැඟවුණු මඩින් වැසුණු පිරිසිදු රිදී පතුරු ඔබ ගත සරසන 
අතිශය අලංකාර ආභරණ බවට පත් වන තුරු ගමන් මඟ ඉතා චමත්කාරජනකයි. 
ඒ චමත්කාරවත් බවත් සමඟ අලංකාරවත් බවත් එක් වුණු රිදී ආභරණ වලට දැන් දැන් ඇත්තේ වෙනකවරදාටවත් වඩා වැඩි ඉල්ලූමක්. චාම් බවින් අනූන රිදී ආභරණ ඔබේ සරල සුන්දරත්වය තව තවත් ඉහළින් තබන්නට සමත්ය. ඉතින් ඒ ඉල්ලූමට සරිලන්නට හරි හරියට නිර්මාණය වන විවිධ මාදිලියේ රිදී ආභරණ අතෙර් මොහොතක් සැරිසරමු...


සටහන:
දි‍ල්ෂි තත්සරණි අබේරාජ  ඡායාරූප: ඉන්දික ද සිල්වා සහ රුමේෂ් පෙෙර්රා


රිදී කතාව

පස් යට සෑදෙන රන් රිදී මෙතරම් මිලෙන් අධික ඇයි කියා ඔබ කෙදිනක හෝ පුදුමයට පත් වී තිබෙනවාද? යමක වටිනාකම වැඩිවන්නේ එය දුර්ලභ වන තරමටය. ලොව රන් රිදී වැනි ලෝහයන් මේ වනවිට පවතින්නේ ඉතා දුර්ලභ තත්ත්වයේය. මහ පොළවේ විශ්මිත දායාදයන් වන මැණික් හා රන් වැනි දෑ අතර රිද මේ වන විට ඉහළ වටිනාකමක් ලබා ගෙන තිබේ. රන් හා මැණික් වැනි අනෙක් දුර්ලභ ලෝහයන්ට සාපේක්ෂ සරල බව සහ සහනදායී මිල මෙයට ප්‍රධාන හේතුව වන අතර රිදී යනු විවිධ නිර්මාණශීලී ආභරණ සඳහා යොදා ගත හැකි අතිශය සුන්දර අමුද්‍රව්‍යයක් බව අද වන විට සනාථ වී ඇත.


රිදී කතාවද අපූරුය. බොහෝ වටිනා සම්පත් නිධන්ව පවතින මහ පොළවේ සැඟවුණු රිදී පතුරු ඒ මහ පොළවෙන් වෙන් කර පොළෝ මත්තට ගැනීමේ සිට සුන්දර කාන්තාවකගේ ගත සරසන ආභරණයක් දක්වා පැමිණෙන ගමන් මඟ හරියට සුරංගනා කතාවක් වැනිය. දකුණු අප්‍රිකානු සහ අරාබි රටවල වැඩි වශයෙන් දක්නට ලැබෙන රිදී පතල් වලින් හමුවන රිදී, ගල් කැබලි වල මතුපිට යම්තම් ගෑවී ඇති ලෝහයකි. ඒවා පස් තැවරුණු එම ගල් කැබලි වලින් සූරා පිරිසිදු කොට ගත් පසු ආභරණ සෑදීම සඳහා හෝ වෙනත් ඕනෑම දෙයක් සඳහා යොදවන්නේ එම රිදී පතුරු උණු කිරීමෙන් පසුවය. එසේ සෑදෙන රිදී කුට්ටි වශයෙන් ගත හැකි අතර ඒවායින් ආභරණ නිපදවන්නේ ඉතාමත් සියුම් ආකාරයෙනි. නූලට, තිතට වැඩ දමා ඉතාමත් ප්‍රවේශමෙන් නිමවන ලද රිදී ආභරණ වල ඇති සුන්දරත්වය වන්නේ මහ පොළවෙන් මතුව ආ ඒවා මහත් ලාලිත්‍යයකින් හා අලංකාරවත් බවකින් යුතු ආභරණ බවට පරිවර්තනය වීමය.


බොහෝ දෙනා ආශා කරන්නේ රිදී වල ඇති ෙසෟම්‍ය සුන්දරත්වයටය. රන් හිරුටද, රිදී සඳටද සැසඳෙන්නේ එනිසා විය යුතුය.
සඳට සැසඳෙන රිදී
බොහෝ දෙනා ආශා කරන්නේ රිදී වල ඇති ෙසෟම්‍ය සුන්දරත්වයටය. රන් හිරුටද, රිදී සඳටද සැසඳෙන්නේ එනිසාමය. සියවස් ගණනාවක් ඈතට විහිදෙන රිදී අතීතය අද දක්වාම සිය ෙප්‍රෟඪ උරුමය රැකගෙන සිටින්නේ එයට නොඅඩුව පවතින ඉල්ලූම නිසාය. රිදී ආභරණ සඳහා ඇති ඉල්ලූම අද වන විටදී වැඩි වී ඇතිවා මිස එහි අඩුවක් දක්නට නොලැබේ. රිදී ආභරණ වල චාම් බව සහ එහි සරල ශෝභනීයත්වය ඕනෑම කෙනෙකුගේ පෙනුමට නවමු බවක් සහ වැඩි අලංකාරයක් එක් කරන්නට සමත් වන්නේ එහි ඇති සියුම්, මටසිළිටු ස්වභාවය නිසාය. එසේ නම් තවත් පැකිළෙන්නේ කුමටද? ඒ සුන්දරත්වය ඔබේ සුන්දරත්වය හා සසඳා බලන්න. බොහෝ ආභරණ ලස්සන වන්නේ සාප්පු වල එල්ලා තිබියදී නොව ඔබේ ගතෙහි පැටලූණු විටදීය.


සීමා මායිම් නැති ලස්සනකට
රිදී ආභරණ වල ඇති සුන්දරත්වයට තදින්ම ඇළුම් කරනා පිරිසක්ද සිටී. ඔවුන් රන් ආභරණ වලට වඩා වැඩි ප්‍රියතාවයක් රිදී ආභරණ වලට දක්වන අතර සෑම අවස්ථාවකටම රිදී ආභරණ පලඳින්නට තරම් ප්‍රවේශම්කාරී වේ. එයට හේතුව රිදී විසින් ලබා දෙන විවිධ විලාසිතා නිර්මාණයන් අත්විඳීමේ පහසුවයි. සීමා මායිම් නැති විලාසිතා ලෝකය තුළ විවිධ මෝස්තරයේ ආභරණ පැලඳීමේ නිදහස නොඅඩුව ලබා දෙන රිදී බාල මහලූ හා ගැහැණු පිරිමි කා අතරත් ඉතා ජනප්‍රිය ආභරණ විලාසිතාවක් වී හමාරය. එසේම විවිධ උත්සව අවස්ථාවන්, පවුලේ සාද, විනෝද ගමන් ආදියට පමණක් නොව කාර්යාලයට පවා පැලඳිය හැකි රිදී ආභරණ අවස්ථාවට උචිත අන්දමින් තෝරා ගැනීම හරහා සුන්දර විලාසිතාවන් මවන්නට ඔබට හැකිය.


සුන්දර ඇයට සහ කඩවසම් ඔහුට
රන් ආභරණ සේ ආරක්ෂාව පිළිබඳව එතරම් කරදර විය යුතු නොවන නිසාවෙන් රිදී ආභරණ ඕනෑම අවස්ථාවකට විශ්වාසයෙන් යුතුව පැලඳීමද කළ හැකිය. කොණ්ඩා කටුවෙන් පටන් ගෙන මාලය දක්වාම කාන්තාවන් සඳහා සැකසුණු රිදී ආභරණ දක්නට ලැබේ. කාන්තාවන් වෙනුවෙන් සකස් වුණු මුදු, මාල, අත් පලඳනා, වළලූ, ආදී සියලූ ආභරණ සඳහා රිදී යොදා ගනු ලබන අතර පිරිමි පෙනුමට කඩවසම් බවක් එක් කිරීමටද රිදී සමත් වී තිබේ.


රන් ආභරණ වලට වඩා රිදී ආභරණ පිරිමි ෙපෟරැෂයට වඩාත් ගැළපෙන බවටද පිළිගැනීමක් තිබෙන්නේ එහි ඇති චාම් වර්ණය නිසා විය හැකිය. රිදියෙන් කරන ලද මාල, කෆ්ලින්, අත් පලඳනා, මුදු ආදිය පිරිමි පාර්ශ්වය අතරද අද ඉතා ප්‍රචලිතය. මේ ආකාරයේ ඕනෑම ආභරණයක් ඔබට කැමති ආකාරයට, ඔබේ නිර්මාණයට අනුව දැන් ඔබටම විශේෂිත වූ ආභරණ සාදවා ගත හැකි බව දන්නවාද? දිවයිනෙහි ඇති බොහෝ රිදී ආභරණ සැල් වලදී ඔබට අවශ්‍ය ආකාරයේ ආභරණ නිර්මාණය සිදු කරගත හැකිය. ඒ සඳහාම විශේෂිත ආභරණ නිර්මාණකරුවන් වෙත සිය මෝස්තරය විස්තර කිරීමෙන් ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද ආභරණ කට්ටලයක හිමිකරුවකු වීමට ඔබට හැකිය. මෙම ආභරණ නිර්මාණ කටයුත්තද ඉතා සංයමයෙන් හා ඉවසීමෙන් යුතුව කළ යුතු කාර්යයක් වේ. පිරිසිදු රිදී පතුරු උණු කිරීමේ සිට සියුම්ව කරන ලද කැපීම් සහ වර්ණ ගල් එබ්බවීම් යනාදී සියල්ල මිනිස් දෑතින් සිදුවන නිසාවෙන් අවසන් නිර්මාණය ඉතා සුන්දර වනු නොඅනුමානය. ඒ අනුව වඩාත්ම ගැළපෙන ආකාරයේ සොඳුරු ආභරණ කට්ටලයකින් සැරසී උත්සව අවස්ථාවේදී කැපී පෙනෙන චරිතයක් වීමට ඔබට හැකිවෙනු ඇත.

පිරිසිදු රිදී පතුරු උණු කිරීමේ සිට සියුම්ව කරන ලද කැපීම් සහ වර්ණ ගල් එබ්බවීම් යනාදී සියල්ල මිනිස් අතින් සිදුවන නිසාවෙන් අවසන් නිර්මාණය ඉතා සුන්දරය
ෙප්‍ර්මණීය රිදී
රිදී යනු නිර්මාණාත්මක ආභරණ සැකසීමේ කලාවට උචිතම ලෝහයක් වේ. රිදී වලට මැණික් ගල් එබ්බවූ විට වැඩි ලස්සනක් එක් වන්නේ රිදී වල ඇති පැහැපත් අළු පැහැය නිසාවෙනි. එය ඕනෑම වර්ණයක් හා සුන්දරව මුසු කිරීමට හැකි වර්ණයක් වීම නිසා රිදී ආභරණ වලට විවිධ වර්ණයේ මැණික් ගල් එබ්බවීම දැන් ප්‍රචලිත විලාසිතාවක් බවට පත්ව ඇත. එසේම කළු සහ සුදු යන වර්ණයන්ගේ සුසංයෝගයෙන් නිර්මාණය වන සරල රිදී ආභරණද දැන් වඩාත් ප්‍රචලිත විලාසිතාවක් බවට පත් වී ඇත. සඳට සැසඳෙන රිදී ෙප්‍ර්මණීය ආභරණ ලෙසින්ද සැලකේ. ආදරයේදී තෑගි කිරීමට සරල, සුන්දර යමක් ඔබ සිතන්නේ නම් රිදී ඔබගේ අවශ්‍යතාවය සපුරනු ඇත. අලංකාර මංජුසාවක සැඟවූ පුංචි රිදී ආභරණයක් ඔබගේ ෙප්‍ර්මණිය හැඟීම් මනාව ප්‍රකාශ කරනු ඇති බව නොඅනුමානය.


සීමා මායිම් නොමැති විලාසිතා අත්දැකීමකට මඟ කියනා රිදී ආභරණ වල ඇති සරල සුන්දරත්වයෙන් ඔබටත් ඔබගේ ලස්සන ඔප මට්ටම් කරගත හැකිය.


මෙම ලිපිය සැකසෙන්නේ "බෙලා" අධිපති ඩබ්ලිව්.ඒ.ඞී. චන්දන සිල්වා මහතා සහ "රිදී සිල්වර්" අධිපතිනී ෆමීඩා අන්වරලි මහත්මිය හා පැවති පිළිසඳර ඇසුරෙනි. ඡායාරූප සැරසෙන්නේද එම ආයතනයන්හි අලංකාරවත් ආභරණ හා අවස්ථාවන් වලිනි.

  • image01
    image01

    සුන්දර, සරල රිදී මාලයක්

    Prev Next
  • image01
    image01

    රිදී කෆ්ලින් යුගලක්

    Prev Next
  • image01
    image01

    කාන්තාවන් වෙනුවෙන් සැකසුණු අත් පලඳනාවන්

    Prev Next
  • image01
    image01

    නවතම විලාසිතාවේ කළු සුදු රිදී මාලයක්

    Prev Next
  • image01
    image01

    විචිත්‍රවත් රිදී මාලයක්

    Prev Next
  • image01
    image01

    විවිධ මෝස්තරයේ රිදී මුදු

    Prev Next
  • image01
    image01

    ආභරණ සෑදීම සඳහා රිදී උණු කරමින්

    Prev Next
  • image01
    image01

    සංයමයෙන් යුතුව නිර්මාණය වන රිදී ආභරණ

    Prev Next
  • image01
    image01

    නිර්මාණශීලී දෑතින් හැඩ වන රිදී ආභරණ

    Prev Next