අපේ දේ ලොවට ගෙන යන Pop Ups
November 2017

ශ්‍රී ලාංකේය “පොප් අප් රෙස්ටොරන්ට්” සුපිරි අත්දැකීම ලන්ඩන් හි ශැන්ග්‍රිලා හෝටලයේදී

උච්චාරණයෙන්ම සුපිරි අත්දැකීමක අරුත සපයන පොප් අප් යනු බටහිර සංස්කෘතියෙන් දායාදවූවකි. අද වනවිට ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින සංකල්පයක් වන මෙය මගින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයටද ලොව වෙත දොරගුළු විවර වෙයි.


සටහන
: අනුරාධා පෙරේරා


"පොප් අප්" සංකල්පය

මෙය අද වනවිට එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ජපානය, ප්‍රංශය, ජර්මනිය පමණක් නොව ආසියාතික රටවල්ද ඇතුළුව ලොව බොහෝ රටවල අතීශයින් ජනප්‍රියවී තිබෙන සංකල්පයකි. පොප් අප් පවත්වනු ලබන්නේ දේශීය වශයෙන් මෙන්ම විදේශීයවද ජන ප්‍රසාදය දිනූ කීර්තිමත් වෙළඳ නාමයක් සහිත පාරිභෝගිකයාට සුපිරි අත්දැකීමක් පිරිනමනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙනි.


එමෙන්ම ඉහළ පිළිගැනීමක් ඇති සුඛෝපභෝගී අත්දැකීමක් පිරිනමනු ලබන සුවිශේෂී අනන්‍යතාවයකින් යුතු දේශීය වෙළඳ නාමයන් සඳහා මෙම සංකල්පය ආදේශ කළ හැකිය.


එලෙසින් දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්ව ඇති කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පිරිනමනු ලබන අදාළ ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ හෝ රෙස්ටොරන්ට්හිදී පාරිභෝගිකයින් ලබන අත්දැකීම එලෙසින්ම වෙනත් නගරයකදී හෝ වෙනත් රටකදී විඳීමට සැලැස්වීම පොප් අප් පැවැත්වීමේ මූලික අරමුණ වෙයි.


පොප් අප් හි විශේෂ ලක්ෂණයන්

පොප් අප් පවත්වනු ලබන්නේ ඉතාමත් කෙටි කාලයකට පමණි. එය බොහෝවිට දින කිහිපයකට සීමාවෙයි. නමුත් එය පවත්වන්නේ නිරන්තරයෙන් ජනයා ගැවසෙන ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇති සුපිරි හෝටල් හා සාප්පු සංකීර්ණ වැනි ස්ථානයන්වලදීය. එමෙන්ම පොප් අප් පැවැත්විය යුතු වන්නේ අදාළ වෙළඳ නාමයේ පවතින ගුණාත්මකභාවය, තත්ත්වය මෙන්ම කීර්ති නාමය එලෙසින්ම රැකෙන පරිදිය. එවන් අත්දැකීමක් ලැබීම තරමක් මිලෙන් අධික වුවත් ඉන් පාරිභෝගිකයා වෙත සැපයෙන්නේ නැවුම් අත්දැකීමකි.

පොප් අප් පැවැත්විය යුතු වන්නේ අදාළ ආයතනයේ පවතින ගුණාත්මකභාවය, තත්ත්වය මෙන්ම කීර්ති නාමය එලෙසින්ම රැකෙන පරිදිය.


පොප් අප් සඳහා සූදානම්වීම

මේ සඳහා ඉතාමත් හොඳින් සූදානම් වියයුතුය. එහිදී පූර්ව සැලසුම් කිරීම අත්‍යාවශ්‍යය. උදාහරණයක් වශයෙන් පොප් අප් පවත්වනු ලබන්නේ යම් කීර්තිමත් රෙස්ටොරන්ට් එකකට අනන්‍යවූ ආහාර වර්ගයක් සම්බන්ධයෙන් නම්, එම ආහාර වර්ගය සැකසීම පමණක් නොව අදාළ රෙස්ටොරන්ට් එකෙහිදී එය පිරිනමන ආකාරයටම එය පිරිනැමීමත් අත්‍යාවශ්‍යය. එය පිළියෙළ කිරීමට අවශ්‍ය වන මාළු, කකුළුවන්, ඉස්සන් වැනි අමුද්‍රව්‍ය මෙන්ම රසගැන්වීමට භාවිත කරන කුළුබඩු, බඳුන් සහ උපකරණ පමණක් නොව අදාළ ප්‍රධාන රෙස්ටොරන්ට් එකෙහිදී එම ආහාරය පිළිගැන්වීම සඳහා භාවිත කරන විශේෂිත උපකරන ඇතුළු සියලූ දෑ රැගෙන යයි. එමෙන්ම සිය කාර්යමණ්ඩලය සමඟින් සූපශාස්ත්‍රවේදියාද සහභාගී වෙයි. එමගින් බලාපොරොත්තු වන්නේ එම රෙස්ටොරන්ට් එකෙහිදී පාරිභෝගිකයා විඳින අත්දැකීම කිසිඳු වෙනසකින් තොරව පොප් අප් හිදී ලබාදීමය. එහිදී එම ආහාරයේ රසය, ගුණය මෙන්ම තත්ත්වය සුරැකීම අත්‍යාවශ්‍යය.


මෙම ලිපියට තොරතුරු සහ ඡායාරූප දායකත්වය සුප්‍රසිද්ධ සූපවේදී දර්ශන් මුණිදාස මහතාගේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් සහ කෑම සූත්‍ර මගින් පවත්වන පොප් අප් රෙස්ටොරන්ට් වෙතිනි.


“Pop-ups” are popular across the globe and have become a glamorous and fashionable concept. Usually held for a limited time, at most a week, the venue for “pop-ups” are star hotels, restaurants and luxury malls. When organising “pop-ups”, great care is taken to replicate an exact and distinctive experience. In the case of pop-up restaurants, the chef accompanied by selected staff travel to the destination with the required ingredients, including fresh seafood, spices and even the utensils.


The information and photographs for this article are provided by celebrity Chef Dharshan Munidasa from the international pop-ups of Ministry of Crab.

  • image01
    image01

    තායිපේ රිජන්ට් හෝටලයේ පැවති පොප් අප් සඳහා ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය කින්ග් ප්‍රෝන්

    Prev Next
  • image01
    image01

    හොංකොං ජොකී ක්ලබ් හි පැවති පොප් අප් සඳහා ගෙන ගිය ශ්‍රී ලංකාවේ කලපු කකුළුවන් ආශ්‍රයෙන් කළ සැරසිල්ලක්

    Prev Next
  • image01
    image01

    හොංකොං ජොකී ක්ලබ් හි පැවති පොප් අප් සඳහා මෙරටින් ගෙන ගිය ශ්‍රී ලංකාවේ කින්ග් ප්‍රෝන්

    Prev Next
  • image01
    image01

    මුම්බායි හි ෆෝ සීසන් හෝටලයේ පැවති පොප් අප් හිදී සූදානම් කළ පෙපර් ක්‍රැබ්

    Prev Next